WhatsApp group එකේ හිටියේ කවුද?

WhatsApp group එකේ හිටියේ කවුද?

WhatsApp සමාගමෙන් beta පරිශීලකයන්ට ලබා දුන් නව feature එකක් වන 'Admin Delete' නම් වූ feature එක ගැන අපි වාර්තා කළා ඔබට මතක ඇති. ඒ post එක කියෙව්වේ නැත්තම් මෙතනින් කියවන්න.

ඉතින් අද කියන්න යන්නේ ඔවුන් විසින් නිකුත් කරපු තවත් අලුත් feature එකක් ගැන. මේ feature එකෙන් කරන්නේ WhatsApp group එකක ඉඳලා පස්සේ ඉවත් වුනු පරිශීලකයන් හෝ admin වරයෙක් විසින් remove කරන ලද පරිශීලකයන් කවුරුන්ද යන්න බැලීමයි. කෙසේ නමුත් එමගින් බැලිය හැක්කේ පසුගිය දින 60 තුල ඉවත්වූ හෝ ඉවත් කරන ලද පරිශීලකයන් පමණයි.

Source: WABetaInfo

උඩ screenshot එකේ විදිහට මේ feature එක support කරන්නේ WhatsApp beta for iOS 22.16.0.75 කියන iOS සඳහා වූ beta අලුත්ම version එකට පමණයි. මේ feature එක admin වරුන්ට පමණක් නොව, group එකේ සියලුදෙනා සඳහාම ඇති බව තමයි WABetaInfo web අඩවිය තව දුරටත් වාර්තා කරන්නේ.

ඉතින් ඔයා තාම අපේ site එකේ Sign up වෙලා නැත්තම් දැන්ම පහලින් sign up වෙන්න. මම රෙසඳු මාරසිංහ.

Source: WABetaInfo

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe