Facebook profile පහේ කතාව

Facebook profile පහේ කතාව

සමාජ මාධ්‍ය තුල දැවැන්තයෙකු වන Facebook සමාගම මේ වන විට එක Facebook ගිණුමකට සම්බන්ධ වූ profiles 5ක් දක්වා එක් පුද්ගලයෙකුට සෑදීමට අවස්ථාව ලබා දී තිබෙනවා. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම පහසුකම දැනට සුළු පිරිසක් සඳහා ලබා දී ඇති බව TechCrunch වෙබ් අඩවිය වාර්තා කරනවා. කෙසේ නමුත් මෙම වාර්තාවේ සඳහන් ආකාරයට එම profile එකක් මගින් Facebook හි නීති පද්ධතිය උල්ලංගනය කරනු ලැබුවහොත් එම profile එක හඳුනා ගෙන ඒ හා සම්බන්ධ ප්‍රධාන ගිණුමටද අදාලව සුදුසු ක්‍රියාමාර්ග ගනු ලැබේ.

මෙම පහසුකම මගින් ඔබගේ මිතුරන්ගේ හා පවුලේ සාමාන්‍ය වැඩකටයුතු සඳහා එක profile එකක්ද, කාර්යාලයීය වැඩකටයුතු සඳහා තවත් profile එකක්ද යනාදී ලෙස භාවිත කිරීමට හැකිවෙනු ඇත. කෙසේ නමුත් තවමත් මේ feature එක අත්හදා බලමින් පවතින නිසා මේ පිලිබඳ update එකක් ලැබුණු ගමන් ExabyteTech අපි ඔබව දැනුවත් කරන්නෙමු.

තවමත් අපේ site එකේ sign up වෙලා නැත්තම් දැන්ම පහලින් sign up වෙන්න. මම රෙසඳු මාරසිංහ.

Source: TechCrunch

Subscribe to Exabyte Tech

Don’t miss out on the latest issues. Sign up now to get access to the library of members-only issues.
jamie@example.com
Subscribe